Electrostatic - ස්තිථි විද්‍යුතය | part 01

Electrostatic හෙවත් ස්තිථි විද්‍යුතය ගැන මේ ලිපියෙන් අපි කතා කරමු. Electrostatic ගැන කතා කරන්න කලින් අපි electric charge ගැන කතා කරමු. විද්‍යුත් ආරෝපණ හෙවත් electric charge කියන්නේ මොකක්ද ? සරලව අපි දන්නවා ආරෝපිත වස්තුවක ධන හා ඍණ ආරෝපණ අඩු වැඩි වශයෙන් තියනවා. + හා - ආරෝපණ ප්‍රමාණය සමාන නම් ඒ වස්තුව උදාසීනයි කියලත් කියනවා. යම් අවස්ථාවක වස්තුවක ආරෝපණ කියල කියන්නේ ඒ අවස්ථාවේ වස්තුව තුල පවතින වැඩිපුර ආරෝපණ ප්‍රමාණයයි. ඒක වස්තුව තුල පවතින මුලු ආරෝපණ ප්‍රමාණයෙන් ඉතා සුලු අගයයි. ඉතිං මේ ආරෝපණ ගැන සහ ඒකේ අණුක ස්භාවය ගැන වැඩිදුර කතා කරන්න යන්නෙ නෑ. විද්‍යුත් ආරෝපණ විදිහට සලකන ඉලෙක්ට්‍රෝන ( ඍණ ආරෝපණ )  ද්‍රව්‍ය තුල ගලා යෑම මත එම ද්‍රව්‍ය සන්නායක හා පරිවාරක විදිහට ප්‍රධාන කොටස් 2 කට වෙන් කරනවා. මේ සන්නායක ගැන ලියපු ලිපියක් තියනවා. සන්නායක ගැන කියව ගන්න. සාමාන්‍ය අවස්ථාවේ දි charges චලනය වෙන්නේ නෑ.

Electrostatic induction හෙවත් ස්තිථි විද්‍යුත් ප්‍රේරණය ගැනත් මේ ලිපියෙන් කතා කරන්නෙ නෑ. ඒකට හේතුව AL වලදි හොදටම මේ කොටස කරන නිසා. Electrostatic induction ගැන video එකක් පහලින් දාන්නම් ඒක බලලා මතකෙ අලුත් කර ගන්න. AL වල mcq ප්‍රශ්නයක් පහලින් දාන්නම් ඒකට උත්තරේ පහලින් කමෙන්ට් කරන්න.


උදාහරණ 01 :

Electrostatic Fields

Field හෙවත් ක්ශේත්‍රයක් කියන්නෙ මොකක්ද ? ඉස්සරහට අපි චුම්බක ගැන කතා කරනවා. ඒකත් චුම්බක ක්ශේත්‍රයක් කියනවා. මොකක්ද මේ ක්ශේත්‍රයක් කියන්නේ ? අවකාශයේ යම් ස්ථනයක යම් භෞතික රාශියකට යම් නිශ්චිත අගයක් පවතී නම් එම අදාල භෞතික රාශියට එම අවකාශය ක්ශේත්‍රයක් ලෙස ලෙස හදුන්වනවා. සරලවම, ඔයා ඉන්න තැන උශ්නත්වය සලකන්න. ඒ කාමරයක නම් ඒ කාමරේ තැනින් තැනට උශ්නත්වය වෙනස් නේද ? එතකොට ඔයාගෙ කාමරයේ අවකාශය, උශ්නත්වය කියන භෞතික රාශියට ක්ශේත්‍රයක් බවට පත්වෙනවා ( උෂ්ණත්ව ක්ශේත්‍රයක් බවට පත්වෙනවා ). එතකොට විද්‍යුත් ආරෝපණයක් සමග අන්තර් ක්‍රියාවෙන් ඒ මතට බලයක් යෙදිය හැකි අවකාශයකට අපි කියනවා, ස්තිථි විද්‍යුත් ක්ශේත්‍රයක් කියලා.

Electric Intensity

මේ ස්තිථි විද්‍යුත් බලය (F) , පවතින ආරෝපණයට අනුලෝමව සමානුපාතික වෙනවා. එතකොට මේ සමානුපාතිකය ඉවත් වෙමින් E හෙවත් ස්තිථි විද්‍යුත් තීව්‍රතාව ( electric intensity/ field strength ) සමීකරණය ට එකතු වෙනවා.

F Q

F = EQ ----- (01)

E = F / Q ----- (02)

විද්‍යුත් ක්ශේත්‍රය තුල පතින යම් ලක්ශ්‍යයක ඇති ඒකක ධන ආරෝපණයක ඇති වන ස්තිථි විද්‍යුත් බලය එම ලක්ශ්‍යය මත ස්තිථි විද්‍යුත් තීව්‍රතාව වේ. ඒකක විදිහට NC-1 ( නිවුටන් කූලෝමයට )ගන්න පුලුවන්. මේ ව්ද්‍යුත් තීව්‍රතාව විභව අනුක්‍රමණයක් ( potential gradient ) විදිහටත් අර්ථ දක්වන්න පුලුවන්.

E = V / d   --------- (03)

[ V = විභව අන්තරය  d = ආරෝපිත තහඩු අතර දුර ]

ඒකක විදිහට Vm-1 (වෝල්ට් මීටරයට) ලබා ගන්න පුලුවන්. තීව්‍රතාව දෛශිකයක් නිසා, විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවයේ දිශාව ධන ආරෝපණය මත යෙදෙන ස්තිථික බලයේ දිශායවට සමාන මේ. ඍන ආරෝපණය මත යෙදෙන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වේ.

Electrostatic Lines of Force / Electric Flux Lines

ස්තිථි විද්‍යුත් බල රේඛා ගැන කතා කරමු. මෙතනදි, මේ රේඛා ආකෘතිය නිකන්ම සංකල්පයක් විතරයි. ක්ශේත්‍රයක පවතින + ආරෝපණයක් සලකන්න. මේ ආරෝපණය ස්තිථික බලය නිසා ගමන් කරන්න පෙළඹෙනවා. මේ ගමන් කරන ගමන් මාර්ගය තමයි ස්තිථි විද්‍යුත් බල රේඛාවක් කියල කියන්නේ. එතකොට ධන ආරෝපණයෙන් බල රේඛා පිටවෙන කොට ඍණ ඈරෝපනයෙන් ඒ බල රේඛා ලබා ගන්නවා. ( + එකට විරුද්ධ පැත්ත).

  1. + ආරෝපණයෙන් රේඛා පිටවන අතර ඍණ ආරෝපණයෙන් රේඛා තුලට වේ.
  2. ස්තිථි විද්‍යුත් ක්ශේත්‍රය තුල බල රේඛාවකට ඇදි ස්පර්ශකයේ දිශාවෙන් විද්‍යුත් ක්ශේත්‍රයට අදාල දිශාව නිරූපණය වේ.
  3. මෙම රේඛා ධන ආරෝපණයෙන් ඍණ ආරෝපණයට ගමන් කරයි.
  4. මෙම රේඛා කිසිවිටෙකත් එකිනෙක ඡේදනය නොවේ.
  5. බල රේඛා සන්නායක හරහා ගමන් නොකරයි. එබැවින් සන්නායකය තුලදී ස්තිථි විද්‍යුත් ක්ශේත්‍රය බිංදුවක් වේ.
  6. ක්ශේත්‍රය තුලදී යම් ලක්ශ්‍යයක් හරහා යන බල රේඛා වල ඝනත්වය එම ලක්ශ්‍යය මත ක්ශේත්‍ර තීව්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ.
  7. ධන ආරෝපණය සිට ඍණ ආරෝපණයට ගමන් කරන විද්‍යුත් බලරේඛාවක විද්‍යුත් ක්ෂේත්‍ර  තීව්‍රතාවය ක්‍රමිකව අඩුවේ.
Electrostatic Lines of Force

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ පිහිටි යම් ලක්ශ්‍යයක සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාව ශුන්‍ය වන්නේ නම් එම ලක්ෂය, උදාසීන ලක්ෂයක් ලෙස හඳුන්වනු ලබනවා. ඒ අනුව උදාසීන ලක්ෂයක ස්ථිතික විද්‍යුත් බලරේඛා නොපවතී.

උදාහරණ 02 :

Coulomb's Law

01. සමජාතීය ආරෝපණ විකර්ශණය (repel) වන අතර විජාතීය ආරෝපණ ආකර්ෂණය (attract) වේ.

02. ලක්ෂීය ආරෝපිත වස්තු දෙකක් අතර ක්‍රියාකරන ස්ථිතික විද්‍යුත් බලයේ විශාලත්වය එක් එක් වස්තුවේ පවතින සඵල ආරෝපණ ප්‍රමාණවල ගුණිතයට අනුලෝමව (directly proportional) ලෙසත් වස්තු දෙක අතර පවතින දුර ප්‍රමාණයේ වර්ගයට ප්‍රතිලෝමව (inversely proportional) ලෙසත් සමානුපාතික වේ.

F   Q1Q2 / d2

F = k Q1Q2 / d2 ----- (04)

k යනු සමානුපාතික නියතය වන අතර, k අදාළ මාධ්‍ය මත රඳා පවතී.

මෙම k,

k = 1 / 4π εoεr

එබැවින්,

 F = (Q1Q2) / (4π εoεr) . d2      ----------- (05)

εo ---- වාතයේ නිරපේක්ෂ පාරවේද්‍යතාව =1

εr ---- අදාල මාධ්‍යයේ සාපේක්ශ පාරවේද්‍යතාව

උදාහරණ 03 :

Absolute and Relative permittivity

මාධ්‍යයක පාරවේද්‍යතාවය (ε) නිදහස් අවකාශය පාරවේද්‍යතාවයට (ε0) දරන අනුපාතයට එම මාධ්‍ය සාපේක්ෂ පාරවේද්‍යතාවය යැයි කියනු ලැබේ. පාරවේද්‍යතාවය එම මාධ්‍ය මත රඳා පවතී. නිදහස් අවකාශයේ පාරවේද්‍යතාවය 01 ක් වේ.

εr = ε / ε0

Electric Flux (ස්ථිතික විද්‍යුත් ස්‍රාවය)

ක්ෂේත්‍ර තීව්‍රතාව E වන ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයකට අභිලම්භ වන පරිදි A වර්ගඵලයක් ඇති පෘෂ්ඨයක් සලකමු. මේ E සහ A අතර ගුණිතය, එම පෘෂ්ඨය තුළින් වූ ස්ථිති විද්‍යුත් ස්‍රාවය ලෙස අර්ථ දක්වනු ලැබේ. මේකේ එකක විදිහට Nm2C-1 (කූලෝමයට නිවුටන් මීටර් වර්ගය) ගන්න පුලුවන්.

φ = E A ------ (06)

Electric Flux density

ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍රයක යම් ස්ථානයක ඒකක වර්ගඵලයක් තුළින් ඊට අභිලම්භ ව ගමන් කරන විද්‍යුත් ස්‍රාව ප්‍රමාණය එම ස්ථානයේ විද්‍යුත් ස්‍රාව ඝනත්වය යැයි කියනු ලැබේ. වර්ග මීටරයට කූලෝම් Cm-2 විදිහට ඒකක හඳුන්වන්න පුලුවන්.

D =  φ / A -------- ( 07)

Electric Flux (ස්ථිතික විද්‍යුත් ස්‍රාවය) අදාළ ආරෝපණයට සමානයිද ? φ = Q ද ?

ගොඩක් වෙලාවට අපි පැටලෙන තැනක්. මේක කොහොමද වෙන්නේ ? D = ε ε0 E කියන වැදගත් සමීකරණය ලබා ගන්නේ කොහොමද ? අපි ස්‍රාවය ගැන හිතුව අර්ථ කථනයට වඩා වෙනස් විදිහට අපිට මෙත්නදී ස්‍රාවය පිලිබඳව හිතන්න වෙනවා. " Electric flux is defined as the total number of electric lines of force emanating from a charged body. An electric field is represented by electric flux " හෙවත් ස්ථිතික විද්‍යුත් ස්‍රාවය යනු ආරෝපණයකින් නිකුත් වන මුළු ස්තිථි විද්‍යුත් බල රේඛා සංඛ්‍යාව ලෙස අර්ථ දැක්වේ. විද්‍යුත් ක්ෂේත්‍රයක් ස්ථිතික විද්‍යුත් ස්‍රාවයෙන් නිරූපණය වේ. මේක ගැන දීර්ඝ වශයෙන් මෙතනදී කතා කරන්නේ නෑ. වෙනම ලිපියකින් අපි මේ ගැන කතා කරමු. එතෙක් වැඩිදුර කියවගන්න පහල ලින්ක් එකට යන්න.

Electrostatic Flux around a point charge

අංක (06) සමීකරණය සහ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය පිළිබඳව පැහැදිලි කිරීම මගින් ලක්ෂීය ආරෝපණයක් අවට ස්ථිතික විද්‍යුත් ස්‍රාවය ගණනය කරමු.

E = (Q) / (4π εoεr) . r2 

ගෝලයේ වර්ගඵලය සලකා, A = 4πr2 

E = (Q) / (εoεr) A

විද්‍යුත් ස්‍රාවය සලකා, φ = E A

EA = (Q) / (εoεr) φ = (Q) / (εoεr) εr = ε / ε0 ගෙන් , මාධ්‍යයේ පාරවේද්‍යතාව යෙදීම.

φ = Q / ε [මෙය ගවුස් ප්‍රමේයෙන්ද පැහැදිලි කරගත හැක]

Gauss's law

ගවුස් ලෝ එක ගැන මෙතන විස්තර කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි AL වලදී ගවුස් ප්‍රමේය ඉගෙන ගත්තා වගේම ගැටලු හැදුවා. ඉතිං මතකය අලුත් කරගැනීමක් විදිහට පහලින් khan academy වීඩියෝ වගයක් දාන්නම් ඒක බලන්න. ගවුස් ලෝ එක ගැනත් විස්තර කිරීමක් ඕන නම් සහ වීඩියෝ ටිකත් තේරුම් ගත්තෙ නැත්තම් පහලින් කමෙන්ට් කරන්න. ඕනම වෙලාවක පැහැදිලි කරල දෙන්න අපි ලෑස්තී.

https://youtu.be/owMznEZPNt4
https://www.youtube.com/watch?v=jCuWaC0Oibw

Electric Potential

potential ටිකක් එහෙමත් නැත්නම් විභවයක් කියන්නේ මොකක්ද ? බල ක්ෂේත්‍රයක් තුළ බලවල ක්‍රියාවට ලක් වෙමින් පවතින වස්තු වලට කාර්යය කිරීමේ හැකියාවක් තියනවනේ. ඒකියන්නේ එම වස්තු තුළ ශක්තියක් තියනවා. බල ක්ෂේත්‍රය තුළ වස්තුවක පිහිටීම අනුව ගබඩා වන මේ ශක්තියට එම වස්තුවේ විභව ශක්තිය කියලා කියනවා.

විද්‍යුත් ක්ෂේත්‍රය තුළ පවතින ලක්ෂයක් වෙතට ඒකක ධන ආරෝපණයක් අනන්තයේ සිට රැගෙන ඒමට සිදු කළ යුතු කාර්යය ප්‍රමාණය විද්‍යුත් විභවයක් ලෙස හඳුන්වයි. අනන්තේ පවතින ධන ආරෝපණයක් ගැන හිතන්න. ඒ ආරෝපණය විද්‍යුත් බලය බින්දුවයි නේද?. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ පවතින ලක්ෂයකට ආරෝපණය සිට දුර ගත් විට d=අනන්තය යන්න අදාල සමීකරණයට ආදේශ කල විට ආරෝපණය මෙත යෙදෙන විද්‍යුත් ක්ෂේත්‍ර බලය (F) = 0 කියලා තමයි අපිට ලැබෙන්නේ. එතකොට අදාල ලක්ෂයකට ආරෝපණය රැගෙන ඒමට අපිට කාර්යයක් අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා. මේ කාර්යය ප්‍රමාණය W කියලා සලකමු. ක්ෂේත්‍රය තුළ පවතින අදාල ලක්ෂය තුළ විභවය V නම් එයට අදාල Q ආරෝපණයක් රැගෙන ඒමට කළ යුතු කාර්යය ප්‍රමාණය හෙවත් හුවමාරු වන ශක්තිය W වේ.

V = W / Q ------ (08)

1V : +1 C ආරෝපණයක් 1 J කාර්යයක් හෙවත් ශක්තියක් වැය කරමින් අනන්තයේ සිට ක්ෂේත්‍රය තුළ පවතින ලක්ෂයක් වෙත පැමිණීමේ ද, එම ක්ෂේත්‍රය තුළ ඇති ලක්ෂයේ විභවය 1V වේ.

Electric Potential Difference

ඒකක ආරෝපණයක් ක්ෂේත්‍රයක් තුළ පවතින ලක්ෂ දෙකක් අතර ගමන් කිරීමේදී ඇති වන විභව ශක්ති වෙනස, එම ආරෝපණයට අදාළ විභව ශක්ති වෙනස (W) වේ. මෙම විභව ශක්ති වෙනස මගින් ලක්ෂ දෙක අතර පවතින විභව වෙනස පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. මේ ගැන හොඳටම පැහැදිලි කරගන්න පහලින් තියෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්ති අගයන් අතර අන්තරය සලකමු.

ඉතිං උඩදි කියලා තියෙනවා වගේම අදාල සමීකරණ අපිට එහෙම්මම විද්‍යුත් විභව අන්තරය ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව, අපි දන්නවා B වල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය A වලට වඩා වැඩියි කියලා. එතකොට වැඩි ශක්තියක් ලබාගෙන තියෙන B සිට ශක්තියක් ලබා ගෙන ඉන්න A ට යාමට කළ යුතු කාර්‍යය වෙනස හෙවත් ශක්ති වෙනස W නම්,

W = ( B හි ඇති විභව ශක්තිය - A හි ඇති විභව ශක්තිය )

ගුරුත්වාකර්ෂණ විභව අන්තරයට අනුරූපව, අපිට විද්‍යුත් විභව අන්තරය පිළිබඳව සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්.

W = Q ( VB - VA ) ----- (09)

මේ විභව අන්තරය V නම් (5) දී ලබාගත් සමීකරණය ම අපිට ලැබෙනවා. හැබැයි මෙතනදි V විස්තර වෙන්නේ විභව අන්තරයක් විදිහටයි.

Potential Gradient

potential gradient හෙවත් විභව අනුක්‍රමණය ඒකක දුරක විභව අන්තරය ලෙස අර්ථ දක්වයි. මෙහි ඒකක Vm-1 ( මීටරයට වෝල්ට්) වේ. V ට එදිරිව d (දුර) ඇදි ප්‍රස්තාරයේ අනුක්‍රමණයට සමාන වේ.

F = Eq

dx කුඩා දුරක් වෙන්ස් වීමේදී කාර්‍යය

F dx = Eq . dx

W = q - dV ( B සිට A ට විභවය වෙනස් වීම ඍණ නිසා/ ආරෝපණය මත කාර්යය )

Eq dx = q -dV

E = - ( dV / dx ) --------- (10)

Potential at a point

 +Q ආරෝපණයක් අසල තබා ඇති + 1C ආරෝපණයක් සලකමු. මේ +1 ආරෝපණය A වල ඉඳන් B වලට ගේන්න ( කියන්න චලනය කළ යුතු දුර  dx නම් ඉතා කුඩා අගයක් නම්)  කරන්න ඕන ප්‍රමාණය dw වේ. ( ඉතා කුඩා කාර්යය ප්‍රමාණයක් වේ).

dw = F (-dx)

dw = - F (dx)

මෙතනදී අපි - dx පාවිච්චි කරන්නේ Q ධන ආරෝපණයක් සහ +1 C ආරෝපණයක් බැවින් එකිනෙකට ඉවත් වීම නිසා +1C ආරෝපණයෙන් කාර්යයක් සිදුකරන අතර එකිනෙකට ලං වීම නිසා ආරෝපණය මත කාර්යය ලෙසද සලකමින් පිලිවෙලින් + සහ - අගයන් යොදයි. මතක තියා ගන්න පහසුවට: ආරෝපණය තබා ඇති A ලක්ෂය සංඛ්‍යා රේඛාවක 0 ලෙස සලකා, Q ආරෝපණයෙන් ඉවත් වන දුර එනම් දකුණු දිශාවට ගමන් කිරීම ධන අගයක් ලෙස සලකයි. අනික් අතට +Q ආරෝපණයට ළංවන දුර එනම් වම් පසට ගමන් කිරීම ඍණ අගයක් ලෙස සලකයි. B ලක්ෂය, Q ආරෝපණය දෙසට බැවින් එයට ගමන් කිරීමට +1C ආරෝපණය මත කාර්යයක් සිදු කරයි. එබැවින් එය ඍණ අගයක් ලෙස ගනී.

F සදහා (05) සමීකරණය ආදේශ කරමින්, Q2 = +1 C

 dw = [ (Q1) / (4π εoεr) . d2 ] dx

ඉතා කුඩා අගයකට ගත්ත මේ සමීකරණය, අනන්තයේ සිට රැගෙන එන + ආරෝපණයක් සඳහා සලකමු. P ලක්ශ්‍ය වෙත රැගෙන ඒ නම්,

සහ P මහා ධන Q ආරෝපණය අතර ඇති දුර d නම්, අනුකලනයෙන් ( අනන්තයේ සිට d දක්වා දුර සලකා)

W =  (Q) / (4π εoεr) . d  -----(11)

(08) සමීකරණයට අනුව V = W/q බැවින් q යනු ඒකක + ආරෝපණයක් නිසා,

V = W වේ.

 ඒ අනුව

+ Q ආරෝපණය d දුරකින් ඇති ලක්ෂයක විභවය ,

V = (Q) / (4π εoεr) . d -------(12)

ලෙස ගත හැක.

Potential of a charged sphere

1. ගෝලය පෘෂ්ඨය මත විභවය

V = (Q) / (4π εoεr) . r [r= ගෝලයේ අරය]

2. ගෝලයට d දුරකින් පිහිටි ලක්ෂයක විභවය

V = (Q) / (4π εoεr) . (r+d) [r= ගෝලයේ අරය d=ගෝලයේ සිට ලක්ශ්‍යයට ඇති දුර ]

3. ගෝලය තුළ විභවය

     ගෝලය තුළට ස්තිථි විද්‍යුත් බලරේඛා ගමන් නොකරයි. එබැවින් ගෝලය තුල විද්‍යුත් ශේෂ තීව්‍රතාවය 0 ක් වේ. E = 0 නිසා, E = V / d මගින් ඇතුලත විභව අන්තරය V=0 ද වේ. ගෝලය ඇතුළත විභවය පෘෂ්ඨය මත විභවය ට සමාන බැවින් ගෝලය තුළ විභව අන්තරය බිංඳුවක් වේ.

ආරෝපණ ගෝලයක ක්ශේත්‍ර තීව්‍රතාව සහ විභවය වෙනස් වන අයුරු

Breakdown Voltage / Dielectric Strength

ඒකක ඝනකමක් ඇති පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් හෙවත් පරිවාරක ද්‍රව්‍යයක් හරහා එයට හානි නොවී ලබා දිය හැකි උපරිම වෝල්ටීයතා අගය බිඳුම් වෝල්ටීයතාවය (breakdown voltage) ලෙස හඳුන්වයි.

වාතයේ දෙපස ඇති ධන හා ඍණ ආරෝපිත තහඩු දෙකක් සලකමු. තහඩු 2ක් අතර ආරෝපණයක් ගමන් කිරීම සඳහා ලබාදිය යුතු උපරිම වෝල්ටීයතාවය වාතයේ බිඳුම් වෝල්ටීයතාවය ලෙස හඳුන්වයි. එයට හේතුව පාර විද්‍යුත් ද්‍රව්‍ය ලෙස වාතය ක්‍රියා කිරීමයි.මෙම පාර විද්‍යුත් ද්‍රව්‍ය විදිහට රෙදි,කොළ,කඩදාසි, පරිවාරක ඕනම දෙයක් අපිට ගන්න පුලුවන්. ඉහත පාර විද්‍යුත් ද්‍රව්‍ය කැඩීමකට බිඳීමකට ලක් වෙන්න පුළුවන් ( රෙදි කඩදාසි ගිනි ගන්නත් පුලුවන්/ වීදුරු බිදෙන්න බලනවා). එහෙම කැඩීමකට බිඳීමකට ලක් නොවී ගමන් කරන්න පුලුවන් උපරිම වෝල්ටියතා අගය තමයි බිඳුම් වෝල්ටීයතාවය කියලා කියන්නේ. මේවායේ උපරිම බිඳුම් වෝල්ටීයතා අගයන් වෙනස්. මෙහි ඒකක විදිහට Vm-1 ගන්න පුලුවන්.

උදාහරණ : air has a dielectric strength of 30 kv/cm , means maximum potential difference which
1 cm thickness of air can withstand across it without breaking down is 30 kv.

අකුණක බිදුම් වෝල්ටීයතාව බලපාන අයුරු

මේ බිඳුම් වෝල්ටීයතාවය අදාල පාරවිද්‍යුත් ද්‍රව්‍ය මත රඳා පවතිනවා. පාරවිද්‍යුත් ද්‍රව්‍ය උෂ්ණත්වය, තෙතමනය, එහි අදාල සංඝටක, හැඩය මත රඳා පවතිනවා. අනෙක් විශේෂම දේ තමයි බිඳුම් වෝල්ටියතා අගය විභව අනුක්‍රමණය සමඟ සමාන වෙනවා. සාමාන්‍යයෙන් භාවිතා වෙන පාර විද්‍යුත් ද්‍රව්‍ය වන්නේ Ceramic, waxed paper,mica වගේම වැඩියෙන් භාවිතවෙන්නේ air හෙවත් වාතය වේ.

ටිකක් දිග ලිපියක් ඒ වගේම කරුණු ගොඩක්. මන් තරම් හොඳින් පැහැදිලි කරා කියලා මං හිතනවා ඉතිං ඒක ගැන අදහසක් පහලින් comment කරන්න. මැදින් මැදින් දාල තියෙන උදාහරණය ගණන් කරන්න. ඒ වගේම මේකට වෙනුවෙන් පුරුදු විදිහට ගනන් එකක් දානන්නම්. ලින්ක් එකක් තියෙනවද කියල post එක refresh කර කර බලන්න. අලුතෙන් එකතු වෙන්න ඕන දෙයක් තියෙනවා නම් එකත් comment කරන්න. එහෙනම් electrostatics part 1 ඉවර වුනත් අපි part 2: capacitors වලින් නැවත හමුවෙමු. එතෙක් හැමෝටම ජය !!

0 Comments